ශ්‍රී ලංකාවේ පෙට්‍රෝලියම් ව්‍යාපාර සඳහා එක්වීමට රටවල් කිහිපයක සමාගම් 24ක් අභිලාෂ ප්‍රකාශ කිරීමේ යෝජනා ඉදිරිපත් කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ඇමෙරිකාව, චීනය, ඉන්දියාව, රුසියාව, බ්‍රිතාන්‍ය, මැලේසියාව, නෝර්වේ හා පිලිපීනය යන රටවල සමාගම් 24ක් මෙසේ යෝජනා ඉදිරිපත් කර ඇතැයි අමාත්‍යවරයා පවසයි.
විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය විසින් පත්කරන කමිටුවක් මගින් මෙම යෝජනා පිළිබඳව සලකා බලනු ඇති බවත් එම ක්‍රියාවලිය සති හයක් තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.