ඓතිහාසික දිඹුලාගල කඳු වැටියෙන් හමු වූ ලංකාවේ විශාලතම සෙල්ලිපිය පිහිටි ප්‍රදේශය,එම සෙල්ලිපියේ ආරක්ෂාව උදෙසා නැරඹීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් තහනම් කර තිබේ.
මෙම සෙල්ලිපිය පිළිබඳ විවිධ මාධ්‍යවලින් ප්‍රචාරය වීමත් සමඟ දෙස් විදෙස් සංචාරකයින් එය නැරඹීමට විශාල වශයෙන් පැමිණෙමින් සිටින අතර එය ආරක්ෂා කර ගැනීම සඳහා ප්රදේශයටපූර්ණ ආරක්ෂාව සලසා ඇති බව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළහ.
පොලොන්නරුව හා කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරින් විසින් මීට දින කිහිපයකට පෙර ඉහත දී පිටපත් කර අවසන් කර ඇති මෙම සෙල්ලිපිය ඉතා කඩිනමින් නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසන බවත්, එම සෙල්ලිපියේ අඩංගු අර්ථය ඉතා කඩිනමින් ප්‍රකාශ කිරීමට පුරාවිද්‍යා නිලධාරීන් කටයුතු කරමින් සිටින බවද රාහුලාලංකාර නාහිමියන් සදහන් කළහ.
එම සෙල්ලිපියේ සදහන් අන්තර්ගතය ප්‍රකාශයට පත් කරන තෙක් එය දුර බැහැර සිට නැරඹීමට ඒමෙන් වළකින ලෙසත්, සති තුනක් ඇතුළත එම විශාලතම සෙල්ලිපියේ සවිස්තර වාර්තාවක් පුරාවිද්‍යා නිලධාරීන් විසින් ප්‍රකාශයට පත් කිරීමට පොරොන්දු වී ඇති බවත්, ඉන් අනතුරුව එම ස්ථානය ආරක්ෂා කරමින් එය නැරඹීමට යෑම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළහ.
මීට මාසයකට ඉහතදි හමු වි තිබෙන එම සෙල්ලිපිය දිගින් අඩි 50ක් සහ උසින් අඩි 9 ක් වන අතර එම සෙල්ලිපිය ශ්‍රී ලංකාවේ සහ දිඹුලාගල ඉතිහාසය බොහෝ දුරට වෙනස් වනු ඇති බවට පුරාවිද්‍යා නිලධාරීන් ප්‍රකාශයට පත්කර තිබිණි.
එම සෙල්ලිපියේ ආරක්ෂාව සඳහා මේ වන විට විශේෂ ආරක්ෂක නිලධාරී කණ්ඩායමක් සහ පුරා විද්‍යා නිලධාරීන් කීපදෙනෙකු යොදවා ඇති බව ද පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළේය.
නිමල් ජයරත්න