ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන 33ක් චීනය වෙත යැවීම සඳහා චීනයේ සාමාන්‍ය රේගු පරිපාලනය අවසර ලබා දී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. කොළඹදී අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“අපිට ලෝක වෙළඳපොළ තුළ චීනය හා ඉන්දියාවේ විශාල කොටසක් තිබෙනවා. මෙරට ආහාර නිෂ්පාදන 33ක් චීනයට යැවීම සඳහා චීන මහජන සමූහාන්ඩුවේ රේගු පරිපාලනය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.
මේ භාණ්ඩ වර්ග 33 අතරින් 29ක්ම ජලජ නිෂ්පාදන. දැනට මෙම ජලජ නිෂ්පාදන අපනයනය කරන සමාගම් ලංකාවේ තිබෙනවා 38ක්.
චීනයේ විශාල වෙළඳපොළට අපේ ජලජ සම්පත් සඳහා විශාල ඉල්ලුමක් පවතිනවා. උදාහරණයක් ලෙස මුහුදු කූඩැල්ලන් වැනි දේ සඳහා චීනයේ විශාල ඉල්ලුමක් පවතිනවා.
චීනය වෙත ජලජ නිෂ්පාදන අපනයනය කිරීම සඳහා සහයෝගය ලබාදීමට හා දිරි ගැන්වීමට හැකිවන පරිදි ශ්‍රී ලංකාවේ චීනයට අපනයනය කිරීමට නියමිත සාගර, ජීවී, ජලජ නිෂ්පාදන පරීක්ෂා කිරීම, නිරෝධායනය කිරීම පශු අවශ්‍යතා පිළිබඳව වන සන්ධානයේ මහජන චීන සමූහාණ්ඩුවේ සාමානය රේගු පරිපාලනය හා ශ්‍රී ලංකාවේ ධීවර අමාත්‍යාංශය අතර ගිවිසුමක් අත්සන් කිරිමට මෙම අනුමැතිය ලබාදුන්නා.”
VIDEO