ශ්‍රී ලංකාවේ ප්‍රථම වඳුරු උණ රෝගියා ඊයේ (03දා) වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් හඳුනාගෙන තිබේ. මෙම රෝගියා 20 හැවිරිදි වියේ පසුවන ඩුබායි සිට මෙරටට පැමිණි පුද්ගලයෙකි.
ඔහු පෙරේරදා (02) උණ සහ සමේ බිබිලි හටගෙන තිබීම හේතුවෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග සායනයට ඉදිරිපත් වී ඇත. එහිදී වෛද්‍යවරුන් රෝගියාව වෛද්‍ය පර්යේෂණ අංශයේ වෛරස් වේද අංශය වෙත යොමු කර ඇත.
වෛද්‍ය පර්යේෂණ ආයතනය රෝගී තරුණයාගෙන් සාම්පල කිහිපයක් ලබා ගෙන ඇති අතර සෑම නියැඳියකම වඳුරු උණ රෝගය හඳුනා ගන්නා විශේෂිත ජාන තිබෙන බව අනාවරණය වී තිබේ.
රෝගියා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කර ඇත.