කොළඹ කාසල්විදියේ කාන්තා රෝහල තුළ පසුගිය සතියේදි දෙබිඩි දරු උපතක් (ගැහැණු) සිදුව තිබේ. අවුරුදු 29 හැවැරිදි මවකට මෙම දෙබිඩි දරු උපත සිදුව තිබේ.
දරුවන් දෙදෙනාගේ හදවත හා අක්මාව බද්ධ වී ඇති බවට මේ වන විට සිදුකර ඇති පරීක්ෂණවලින් අණාවරණය වී තිබේ. දරුවන්ගේ අනෙකුත් අවයවය වෙන් වෙන්ව පිහිටා තිබේ. මව මෙන්ම දෙබිඩි දරුවන් මනා සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බව වාර්තා වෙයි.
මෙම දරුවන් වෙන් කිරිමේ සැත්කමක් සිදුකිරීමට නියමිත අතර ඒ සදහා දරුවන් මාස හයක කාලයක් වයස විය යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර තිබේ.
එතෙක් දරුවන් නිවස වෙත යොමු කිරිමට නියමිතය. 2008 වසරෙන් පසුව මෙසේ ලංකාව තුළ දෙබිඩි දරු උපතක් සිදුව තිබේ.