ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ අතුරු පුහුණුකරු ලෙස කටයුතු කළ නික් පෝතාස් මහතා බංග්ලාදේශ ක්රිකට් කණ්ඩායමේ සහායක පුහුණුකරු ලෙස වසර දෙකක ගිවිසුමකට එක්ව තිබේ.
ලබන මැයි මාසයේ සිට ඔහු මෙසේ බංග්ලාදේශ කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු ආරම්භ කරනු ඇත. මේ වන විට ඔහු හැම්ප්ෂයර් කණ්ඩායමේ කඩුලු රකින්නන් පුහුණු කරීමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.
බංග්ලාදේශ කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ කටයුතු කරන අතර දඟ පන්දු පුහුණුකරු ලෙස රංගන හේරත් කටයුතු කරයි.