වොෂින්ටන්, ඩීසී හි නව තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් 2013 වසරේදී මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා රජයට ඩොලර් 332,027 ක් මුදලක් (රුපියල් කෝටි 10ක් පමණ) වංචා කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙක් වන ජාලිය වික්‍රමසූරිය වරද පිළිගෙන තිබේ.මේ පිළිබඳව පැවැත්වූ නඩු විභාගයකදී ඔහු මෙසේ වරද පිළිගෙන තිබේ.
වර්ජිනියා ප්‍රාන්තයේ ආර්ලින්ටන් හි සිටින 61 හැවිරිදි ජාලිය වික්‍රමසූරිය මහතා 2008 සිට 2014 කාලය තුළදී ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළේය. ඔහු මෙක්සිකෝව වෙනුවෙන්ද අක්ත ගන්වා තිබුණි.මෙම නඩු විභාගය කොලොම්බියා දිස්ත්‍රික් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී ඔහු චෝදනාවට වරද පිළිගෙන තිබේ.
මෙම චෝදනාව සඳහා ඇමෙරිකාව තුළ උපරිම වසර පහක සිරදඬුවමක් සහ මූල්‍ය දඬුවම් ද හිමිවේ.