ලංකාවට ආපු කාන්තාවකට ගුවන් යානය තුළදී ලිංගික අතවර
ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මගී කාන්තාවකට ලිංගික අඩන්තේට්ටම් කළ ඉන්දීය ජාතිකයෙකු 04/12 දින උදෑසන ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඇය ඩුබායි හි විදේශීය රක්ෂණ ආයතනයක සේවය කළ මීගමුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවකි .
ඇය 04/12 දින අලුයම 05.25 ට ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ ඒ.ඩී.- 822 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඇය ගමන් ගත් ගුවන් යානය තුළ සිටි 35 හැවිරිදි ඉන්දීය ජාතික බෝට්ටු ස්කීපර්වරයෙකු (රියැදුරුවරයෙකු ) මෙම කාන්තාවට ලිංගික අඩන්තේට්ටම් සිදු කර තිබේ .
මේ පිළිබදව මෙම කාන්තාව ගුවන් යානා කාර්යය මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගෙන තිබූ අතර ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමෙන් අනතුරුව ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් මෙම ඉන්දීය ජාතික ස්කීපර්වරයා කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත රැගෙන විත් භාර දී තිබේ .
මේ පිළිබද ගුවන් යානා කාර්යය මණ්ඩලයෙන් ද පොලීසිය ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර , වින්දිත කාන්තාව මෙන්ම ඉන්දීය ස්කීපර්වරයා ද වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබේ.
මෙසේ අත් අඩංගුවට ගත් ඉන්දීය ජාතික ස්කීපර්වරයා කොළඹ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

