සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති රෝහල් කටයුතු සාමාන්‍ය මට්ටමට ගෙන ඒ්ම වෙනුවෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යොදවා තිබේ.
සෞඛ්‍ය වෘත්තීය සමිති අද පෙරවරු 6.30 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
කොළඹ සහ මහනුවර ජාතික රෝහල් කළුබෝවිල, කරාපිටිය, මහමෝදර, පේරාදෙණිය, අනුරාධපුර සහ කුරුණෑගල ශික්ෂණ රෝහල් ද මාතර, බලංගොඩ, ඇහැළියගොඩ, නාවලපිටිය, බදුල්ල, ගම්පොළ, මීරිගම, හෝමාගම සහ කෑගල්ල ඇතුළුව රෝහල් 26ක දෛනික කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා යුද්ධ හමුදාවේ 700කට ආසන්න භට පිරිසක් යොදවා තිබේ.