කෝවිඩ්-19 ඔමික්‍රෝන් ප්‍රභේදය සමාජය තුළ පැතිර ඇති බවට පිළිගෙන කටයුතු කළ යුතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ), විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය.
හෙතෙම පෙන්වා දුන්නේ රෝග ලක්ෂණ රහිත කෝවිඩ් ආසාදිතයන් අතිවිශාල සංඛ්‍යාවක් සමාජය තුළ දැකිය හැකි හෙයින් ඔමික්‍රෝන් ප්‍රභේදය සමාජය තුළ පැතිර ඇති බවට පිළිගෙන කටයුතු කිරීම නුවණට හුරු බවයි.
කෙසේවුවද ඔමික්‍රෝන් ප්‍රභේදය මේවනවිට සමාජගතව තිබේද හෝ පොකුරක් ලෙස පවතීද යන්න පිළිබඳ විද්‍යාත්මක සනාථ කිරීමක් මෙරට තුළ තවමත් සිදු කර නොමැති බවද නියෝජය අධ්යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේය.