මෙරට රජයේ රෝහල් වල පවතින රෝගී තදබදය අඩුකරීමට නම්, ප්‍රාථමික සෞඛ්‍යය සංරක්ෂණ වැඩසටහන් සේම, ප්‍රාථමික සෞඛ්‍යය සේවාව ශක්තිමත් කල යුතු බවත් ,එය සිදු කිරීමට හැකිබවට දැඩි විශ්වාසයක් තමන් තුළ පවතින බවත්, එම තදබදය ද්විතීක රෝහල් වලින් ක්‍රමානුකූලව අඩු කර ගැනීමට හැකිවුවහොත් එය විශාල ජයග්‍රහණයක් බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කලේය .
අමාත්‍යවරයා මේ බව සදහන් කලේ ඊයේ දින (16) නැගෙනහිර පළාතේ, අම්පාර මහ රෝහලේ සහ මඩකලපුව ශික්ෂණ රෝහලේ සිදු කල විශේෂ නිරික්ෂණ චාරිකාවකින් අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය සමඟ පැවති විශේෂ සාකච්ජාමය අවස්ථාවේ දී අදහස් දක්වමින්ය.
රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව හා ඉහල පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම මුලික අරමුණ කරගනිමින් දිස්ත්‍රික් මට්ටමින් එම රෝහල් වල පවතින අඩුපාඩු සොයා බලමින් එයට කඩිනම් විසදුම් ලබා දෙමින් මෙරට ජනතාවට ගුණාත්මක විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇති විශේෂ වැඩපිලිවෙලට සමගාමීව අමාත්‍යවරයා ප්රමුඛ අමාත්‍යංශ නිලධාරීන් මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාව සිදු කරන ලදී.
මෙම නිරීක්ෂණ චාරිකාවේදී අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් විසින් රෝහලේ වාට්ටු, ශල්‍යාගාර, විශේෂ සත්කාර ළදරු ඒකක,ප්‍රාථමික ප්‍රතිකාර ඒකක විකිරණ අංශය ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති, ඖෂධාගාර ඇතුළු අංශ නිරීක්ෂණයට ලක් කෙරිණි.
“අපේ වැඩ කටයුතු වල වැදගත්ම දේ තමයි පසුවිපරම. ගිය වසරේ අප දැක්කා රෝහල් නිරීක්ෂණ චාරිකා වලදී සමහර රෝහල් වලට ගියාම අප ලබා දුන් මුදල් වලින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය කර අවශ්‍යය උපකරණ ලබාගෙන නැහැ. ඒ නිසා අධ්‍යක්ෂතුමාටත් අනෙකුත් සිලු දෙනාටත් වගකීමක් තියෙනවා, මේකේ පසුවිපරම කරන්න. අපේ වෛද්‍යතුමන්ලා කිව්වා වගේ සමහර උපකරණ පිළිබද ගැටලු විසදනවා සේම දීර්ඝකාලීන දිශානතිය සෞඛ්‍යය සේවාවේ යොමුවිය යුත්තේ කොතනටද කියන කාරණය පිළිබද කතා කරන්නටත් අවශ්‍යයයි.”
“ලංකාවේ සෞඛ්‍යය සේවාව තුළ ගුණාත්මක සේවාවන් රැසක් තිබෙනවා. ප්‍රතිකාර අංශය තුළ විශේෂයෙන් ළමා සෞඛ්‍යය මාතෘ සෞඛ්‍යය අංශය වලත් එන්නත් මගින් රෝග වලක්වා ගැනීම ප්‍රතිකාර කිරීම ඉහල මට්ටමක තිබෙනවා. බෝ නොවන රෝග පැත්තෙන්, වකුගඩු රෝග, පිළිකා රෝග, පාර්ශික ආඝාතය, මානසික සෞඛ්‍යය, පැත්තේ අපිට ගැටලු ගනනාවක් තියෙනවා ආමණ්ත්‍රනය කලයුතු. සමහර අංශවල විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගයක්ද තිබෙනවා. ඒවාට අපි ක්රමානුකූළව විසදුම් සොයා ගත යුතුයි.” යනුවෙන්ද වැඩිදුරටත් පැවසීය.
අම්පාර මහ රෝහලේ පවතින සෞඛ්‍යය කාර්ය මණඩල හිගතාවයට විසදුම් ලබා දීමටත් , රෝහලේ අලුත් වැඩියා කටයුතු සිදුකර ගැනීමට මෙන්ම දැනට ක්‍රියාත්මක තාවතාලිකව නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කර අවසන් කිරීමටත්, අවශ්‍යය සෞඛ්‍යය කාර්ය මණඩල සදහා නේවාසිකාර ඉදිකිරීමට රුපියල් මිලියන 250 ක මුදළක් වෙන්කර ලබාදීමටද අමාත්‍යවරයා පියවර ගත්තේය.
එමෙන්ම අම්පාර මහ රෝහලේ රෝගී සතිකාර සේවා සදහා දැනට භාවිතා කරන සීටී ස්කෑන් (CT Scan) යන්ත්‍රයෙන් කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමට නොහැකි බව වෛද්‍යවරුන් විසින් පෙන්වා දුන් අතර ඒ සදහා නව සීටී ස්කෑන් යන්ත්‍රයක් ලබන වර්ෂයේ මුල් කාර්තුවේදී ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා අවධාරණය කලේය .
මඩකලපුව ශික්ෂණ රෝහලේ දැනට ක්‍රියාත්මක වන නමුත් අතරමග ඇනහිට ඇති සංවර්න ව්‍යාපෘති වන ශල්‍යාගාර සහිත නව සායනික වාට්ටු සංකීර්ණය , ඖෂධ ගබඩාව, මෝචරිය, වකුගඩු ප්‍රතිකාර ඒකකය, යන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමටත් , මාතෘ හා ළමා වාට්ටු සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීමටත් රුපියල් මිලියන 300 ක මුදලක් වෙන් කර දීමටද අමාත්‍යවරයා පියවර ගත්තේය.
එමෙන්ම ජයිකා වැඩසටහනින් මෙරටට ලැබෙන හෘර්ද රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමට අවශ්‍යය වන Cath Lab ව්‍යාපෘතියෙන් මඩකලපුව ශික්ෂණ රෝහලට Cath Lab ඒකකයක් ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය .