වවුනියාව මාමඩුව වැව ආසන්නයේ මඩ වලක වැටී වලඅලියෙකු රෝගාතුරව සිටීම හේතුවෙන් අද (04) අලුයම් කාලයේදී මිය ගිය බවට වව්නියාව වනජීවි කාර්යාලය පැවසීය.
අදාල වනඅලියා දින කිහිපයක සිට නිරාහාරව සිට මාමඩුව වැව ආසන්නයේ තිබූ මඩවලක වැටී මඩේ එරී සිට ඇති අතර මඩ වලට වැටීද දින කිහිපයකට පසුව ප්‍රදේශවාසියෙකු දැක ඒ පිළිබඳව වව්නියාව වනජීවි නිලධාරී කාර්යාලයට දැනුම් දී තිබුණි.
පසුව වව්නියාව වනජීවි නිලධාරීන් ඊයේ (03) දින අදාල ස්ථානයට ගොස් මඩවලේ වැටී සිටි වන අලියා මඩවලෙන් ගොඩට ගැනීමට පියවර ගත්තද දැඩි ලෙස රෝගාතුරව සිටීම හේතුවෙන් වනජීවි නිලධාරීන් විසින් වනඅලියාට ප්‍රතිකාර කිරීමටද පියවර ගෙන තිබුණි.
උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් මහතා ඇතුලු වනජීවි නිලධාරීන් විසින් වනඅලියාගේ ජීවිතය බේරාගැනීමට දැඩි උත්සහයක නිරත වුවද වනඅලියා සොයාගන්නා විටද මරණාසන්නව රෝගාතුරව සිටි බවට වනජීවි නිලධාරීන් පැවසීය.
පසුව අද දින පශුවෛද්‍ය බී.ගිරිධරන් මහතා ඇතුලු පිරිස් විසින් සිදුකරන ලද මරණ පරික්ෂණයේදී හේලිවී ඇත්තේ වනඅලියාට පනු රෝගය වැලඳීම හේතුවෙන් දැඩි ලෙස රෝගාතුරව සිට ඇති අතරම ආහාර ගැනීමට පවා නොහැකිව සිටීමෙන් මෙම මරණය සිදුව ඇති බවටය.
මිය ගිය වනඅලියා අවුරුදු 5 ක් පමණ වැයසැති අඩි 5 ක් පමණ උසින් යුතු ගැහැනු සතෙකු බවටද වනඅලියාගේ අවසන් කටයුතු සිදුකිරීමටද පියවර ගත් බවට වවනියාව වනජීවි නිලධාරී කාරයාල්ය වැඩිදුරටත් පැවසීය.





