රෝගයේ ව්‍යාප්තියක් - ඇඳිරිනීතිය කඩකළොත් නීතිය දැඩිව
කොවිඩ් 19 රෝගයේ ව්‍යාප්තියක් දක්නට ඇති බවත් මේ වන විට ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල පුද්ගලයන් ඇඳරි නීතිය කඩ කරයි නම් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
“යම් ආකාරයකින් නිරෝධායන ඇඳිරි නීතියට පටහැනිව යම්කිසිවෙක් පටහැනිව කටයුතු කළොත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා. ඊට හේතුව මෙම රෝගයේ ව්‍යාප්තියක් දක්නට ලැබෙනවා. අනිවාර්යයෙන්ම ඇඳරි නීතිය පනවා ඇති ප්‍ර දේශවල සංචරණය සීමා විය යුතුයි.” යැයි ඔහු පැවැසීය.
මේ වන විට ශ්‍රී ලංකාවේ පොලිස් බල ප්‍ර දේශ 56ක ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍ර දේශ 33ක්, කුලියාපිටිය පොලිස් බල ප්‍ර දේශ 5, කොළඹ පොලිස් බල ප්‍ර දේශ 12 , කලුතර පොලිස් බල ප්‍ර දේශ 3, වැල්ලම්පිටිය, ගොතටුව මුල්ලේරියාව යන පොලිස් බල ප්‍ර දේශවලට මෙසේ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.
රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා හැකිතාක් නිවෙස්තුළම කටයුතු කරන ලෙසත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
popular news
-
Manoj Sunday, 25 October 2020 11:51 AM
අනේ නිකන් බොරුවට දඩුවම් කියන්න එපා, ඕන තරන් අය ඇදිරිනීතිය තියෙන පැතිවල ඉදලා එනවා.. ඌබර්, පික්මී, පීසා අය වටේම යනවා.. ඉස්සෙල්ලා ඒඅයට දඩුවම් දෙන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

