පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ඓතිහාසික රන් පදක්කමක් අත්කර දීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්රල් රොමේෂ් තරංග සමත් විය. මාතෘභූමියට විශාල අභිමානයක් එක් කළ ඔහුගේ මෙම අසමසම දක්ෂතාව මෙන්ම මීට පෙර ලබා ඇති ජයග්රහණයන් ද අගයමින්, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් ඔහුව කෝප්රල් නිලයේ සිට සැරයන් නිලය දක්වා උසස් කිරීමට පියවර ගෙන ඇත.
මෙයට අමතරව, රොමේෂ් තරංග ක්‍රීඩකයා වෙත විශේෂ මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීමට ද ගුවන් හමුදාපතිවරයා කටයුතු කළ අතර, මෙම විශිෂ්ට ජයග්‍රහණය පිටුපස සිටි ඔහුගේ පුහුණුකරු වන ටෝනි ප්‍රසන්න මහතාගේ හා භෞත චිකිත්සක කෝප්රල් චන්දිම ගුරුසිංහගේ සේවය ඇගයීමට ලක් කරමින් ඔහු වෙත ද මුදල් ත්‍යාග පිරිනැමීම සිදු කෙරිණි. මෙම විශේෂ උපහාර දැක්වීමේ සහ ඇගයීමේ උත්සවය අද ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

