ශ්‍රීලංකා රේගු ඉතිහාසයේ වැඩිම රේගු ආදායම පසුගිය ඔක්තෝබර් මාසයේ දී ලබාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධිකාරී සීවලී අරුක්ගොඩ මහතා සදහන් කළේ ය.
ඒ අනුව ඔක්තෝබර් මාසයේදී රේගුව ලැබූ ආදායම රුපියල් බිලියන 109 කී. රේගුව බදු රැස් කිරීමේ ක්‍රියාවලිය විධිමත් හා කාර්යක්ෂම කිරීම මෙලෙස රේගු බදු ආදායම ඉහළ යාමට හේතු වූ බව ද මෙම වසරේ අපේක්ෂා කරන රේගු ආදායම රුපියල් බිලියන 925 ක් බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
මේ වසරේ මෙතෙක් ලැබූ රේගු ආදායම රුපියල් බිලියන 760කී.
ඉන්දික හේවාවිතාරණ/ප්‍රසංග පෙරේරා