ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙම වසරේ මේ දක්වා වූ කාලය තුළ රුපියල් බිලියන 1373.7ක ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ. ඒය වසරේ පළමු මාස 6 (ජුනි 30 දිනෙන් අවසන් වූ කාලය) සඳහා නියමිතව තිබූ ආදායම් ඉලක්කය ඉක්මවා යාමක් බවයි.
වසරේ මුල් මාස 6 සඳහා රේගුවේ අපේක්ෂිත ආදායම් ඉලක්කය රුපියල් බිලියන 1,060.5ක් විය. රේගු දෙපාර්තමේන්තුව එම ඉලක්කය අබිබවා යමින් රුපියල් බිලියන 313ක අතිරික්ත ආදායමක් උපයා ගැනීමට මේ වනවිට සමත්ව ඇත. මෙම වසර සඳහා රේගු දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති සමස්ත ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,206කි.