රේගුවේ පැය 18225ක අතිකාල හොරකමක් විගණනයකින් හෙළිවෙයි
ශ්රිලංකා රේගුවේ අංශ පහකට අයත් නිලධාරින් 77 දෙනෙකුට ආසන්න පිරිසක් රේගු 221 අතිකාල ලේඛනයේ අත්සන් තබා පැය 18,225ක් අතිකාල සේවයේ නිරතවු බවට සදහන් කරමින් අතිකාල දිමනා ලබාගෙන තිබුණද එකි දිනවල එම අංශ රාජකාරි කටයුතු සදහා විවෘතකර නොතිබු බව අනාවරණය වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙකි නිලධාරින් පිරිස 2025 වර්ෂයේ දෙසැම්බර් මාසයේ සති අන්ත නිවාඩු දින 10කදි රේගු 221 අතිකාල ලේඛනයේ අත්සන් තබා පැය 18,225ක් අතිකාල සේවයේ නිරතවු බවට සදහන් කරමින් අතිකාල දිමනා ලබාගෙන තිබුණි.
එමෙන්ම මෙම අංශවල නිලධාරින් 2025 වර්ෂයේ දෙසැම්බර් මස 15 සිට 19 දින දක්වා කාලය තුල ප.ව 4.45 සිට පසුදින පෙ.ව 8.00 දක්වා අතිකාල රාජකාරියේ නිරතවු බවට රේගු 221 අතිකාල ලේඛනයේ සටහන්කර තිබුණි. එහෙත් අදාළ කාර්යාල ප.ව 4.30ත් ප.ව 9.45ත් අතර කාලය තුල වසා යතුරු භාරදි තිබු බව අනාවරණය වි ඇත.
රේගු නිලධාරින්ගේ පැමිණිම හා පිටවිම නිවරදිව තහවුරුකර ගැනිමට ඇගිලි සලකුණු යන්ත්ර ස්ථාපිත කිරිම සම්බන්දයෙන් කඩිනමින් අවධානය යොමුකළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

