රෙගුලාසිවලට පටහැනිව මන්ත්‍රිවරු 56කට රු. කෝටි 13ක් දීලා
පවත්නා නීති රීති හා රෙගුලාසිවලට පටහැනිව ඉකුත් වසර 20 කාලය තුලදි (2005-2024) ජනාධිපති අරමුදල මගින් හිටපු පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රිවරු 56 දෙනෙකු වෙත රුපියල් දහතුන්කෝටි, දහතුන්ලක්ෂ,හැත්තෑඑක්දහස් එකසියදහයක (131,371,110) මුදලක් වෛද්‍යධාර වශයෙන් ලබා දි ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
ජනාධිපති අරමුදල මගින් වෛද්‍ය ආධාර ලබාදිමේදි මුල්‍යාධාර ලබාගැනිමට අදාළව විධිමත් අයදුම් පත්‍රයක්, ලබන මාසික ආදායම් සිමාව, ප්‍රා දේශි ලේකම් වාර්තාව, මුල්‍ය වත්කම් සහ උපරිම වෛද්‍ය ආධාර මුදල් සීමාවන් ආදිය පිළිබදව සලකා බලනු ලබයි.එහෙත් මේ පිළිබදව සම්පුර්ණ වශයෙන් සලකා බැලිමකින් තොරව හිටපු පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රිවරුන්ට මෙම මුදල ලබා දි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
එමෙන්ම ජනාධිපතිවරයාගේ අරමුදල් පනත ප්‍රකාරව වෛද්‍ය ආධාර මුදල් ණය වශයෙන් ලබාදිමට ප්‍රතිපාදන සලසා නොතිබුණි. එහෙත් 2015 වර්ෂයේ දි පෙබරවාරි මස එවකට සිටි ජනාධිපති ලේකම්වරයාගේ ලිපියට අනුව නැවත ගෙවිමේ පදනම මත හිටපු පාර්ලිමෙන්තු මන්ත්රිවරයෙකුට රුපියල් එක්කෝටි නමලක්ෂ,අටදහස් හත්සියඅනුඅටක (10,908,798) වෛද්‍ය ආධාර මුදලක් ලබාදි තිබුණි. එම මුදල් මෙම වර්ෂයේ ජුනි මාසය වනවිටත් අයකරගෙන නොතිබුණි. මේ අයුරින්ම හිටපු අගමැතිවරයකු වෙත වෛද්‍ය පහසුකම් ලබාගැනිම සදහා 2012 හා 2014 යන වර්ෂවලදි ජනාධිපති අරමුදල මගින් රුපියල් දෙකෝටි අනුඅටලක්ෂ,නමදහස් එකසිය හතලිස් තුනක මුදලක් (29,809,143) ලබා දි තිබුණි.
මින් රුපියල් එක්කෝටි, තිස්හත්ලක්ෂ,හතලිස්අටදහස්, දෙසියදාහතක මුදලක් (13,748,217) නැවත අයකරගැනිමේ පදනම මත ලබා දි තිබුණි. එහෙත් එම මුදල මෙම වර්ෂයේ ජුනි මාසය වනවිටත් අයකරගෙන නොතිබුණි. මේ සිද්ධින් පිළිබද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරික්ෂණයක් සිදුකරණ බවත් එහා ප්‍රථිපල මත ඉදිරිකටයුතු සිදුකරණු ලබන බව ජනාධිපති අරමුදල විසින් විගණනයට සදහන් කොට ඇත. ජනාධිපතිවරයාගේ අරමුදල සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

