විදුලි සැර වැදි අවාසනාවන්ත ලෙස පුත්තලම පුලිදිවාසල් ප්රදේශයෙ එක් දරු මවක් 7 දින සවස මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ පුලිදිවාසල ප්රදේශයෙ පදිංචි කප්පමරික්කාරි සිත්ති සෆිකාන් නැමති 38 හැවිරිදි එක් දරු මවක් බව කියයි.
අදාල කාන්තව පදිංචි නිවසේ රුපියල් 3000 ක විදුලි බිල ගෙවා ගැනිමට නොහැකි විම හේතුවෙන් දින කිපයකට පෙර විදුලි බල මංඩලයෙ විදුලි විසන්ධි කිරීමේ සේවකයින් විසින් විසන්ධි කර ඇති තිබු බව කියයි.
මරණයට පත් කාන්තාවගේ සැමියා හා ඇය දෛනික කුලි වැඩ කරමින් ජීවත් වු අතර වැසි හේතුවෙන් ඔවුන්ට දෛනික කුලි වැඩ පවා අහිමි විම හේතුවෙන් විදුලි බිල ගෙවා ගැනිමට නොහැකි වි තිබු බව කියයි.
එසේ තිබියදී මරණයට පත් කාන්තාවට 7 දින ආසන්න ස්ථානයක වගා බිමක කුලි රැකියාවක් ලැබි තිබු බවත් එම කුලි වැඩ සදහා ගොස් එය අවසන් කර නිවසට පැමිණිමෙන් පසු ස්නානය කිරීමට තම නිවසේ ජල ටැංකියෙ ජලය නොමැති විම හේතුවෙන් මිටර් කිපයක දුරින් වු මවගෙ නිවසේ විදුලි ස්විචයකට වයර් යොදා එම වයරය තම ඉඩමේ පිහිටි විදුලි මෝටරයට දමා සවි කර ජල ටැංකියට ජලය පිරවිමට යාමේදි මෙසේ විදුලි සැර වැදි ඇති බව පොලිස් පරික්ෂණ වලදි සනාථව තිබේ.
අදාල කාන්තාව මවගෙ නිවසේ සිට ස්විචයට වයර් සවිකර රැගෙන යමින් තිබියදි වැසි හේතුවෙන් ගලා ආ ජලය මෙම කාන්තාවගේ හා මවගෙ ඉඩම පුරා පිරි තිබු බවත් ස්විචයට සවිකල වයරය එකවර ජලයෙ ගැටි කාන්තාවට විදුලි සැර වැදි තිබු බව කියයි.
විදුලි සැර වැදි බරපතල තත්වයෙ පසුවු කාන්තාව කඩිනමින් පුත්තලම මුලික රෝහටල ඇතුලත් කලද ඒ වන විටත් ඇය මරණයට පත්ව තිබු බව කියයි.
කෙසේ වෙතත් මරණයට පත් කාන්තාවගෙ දේහය ඇය පදිංචි නිවසට රැගෙන ඒමට පෙර ප්රදේශ වාසින් විසින් අදාල හිග විදුලි බිල ගෙවා දැමිමට කටයුතු කර තිබු අතර 7 දින රාත්රි වන විට විසන්ධි කල විදුලිය නැවත ලබා දීමට කිරීයන්කල්ලිය විදුලි උප කාර්යාලයෙ නිළධාරීන් කටයුතු කර තිබුනී.
නමුත් ජනතාව පවසන්නේ කලින් රුපියල් 300 ත් 400ත තරමේ විදුලි බිලක් ලැබුන නිවෙස් වෙත මේ වනවිට දරා ගත නොහැකි විදුලි බිලක් පැමිනිමත් සමග එය ගෙවා ගැනිම බරපතල ප්රශ්ණයක්ව පවතින බවයි.
මේ හේතුවෙන් බොහෝ පිරිසකට තම නිවෙස් වල විදුල බිල ගෙවා ගැනිමට නොහැකි විමේන් රතු බිල ලැබිම සිදුවන බවත් එයද අදාල දින 7 ඇතුලත ගෙවා ගැනිමට නොහැකි තත්වයක් මතුව ඇති බව ජනතාව චෝදනා කරති.
කෙසේ වෙතත් මෙසේ මෙම සියල්ල හමුවේ ගෙවිමට නොහැකි වු විදුල බිල කුඩා දරුවෙකුට මවක් අහිමි කර ඇත්තේ මිනිසුන්ගේ ජීවිත වල සැබැ තත්වය කියා පාමින් බව ජනතාව පවසති.


