රු. 250ක බල්බය රු. 1195ට මිලදී ගෙන
බෝපෙ පොද්දල ප්රා දේශිය සභාව විසින් මාර්ග ආලෝකන කටයුතු සදහා බල්බ මිලදි ගැනිමේ දි රුපියල් 250ක මිලකට මිලදි ගැනිමට තිබු බල්බයක් රුපියල් 1195ක මිලකට මිලදි ගැනිම නිසා සභා අරමුදලට රුපියල් හාරලක්ෂ, හතලිස්පන් දහසක (445,000) පාඩුවක් සිදුවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
ප්රාදේශිය සභාව විසින් බල්බ දහසක් මිලදි ගැනිම සදහා ආයතන 08කින් මිල ගණන් කැදවා තිබුණි. මුදල් කාරක සභාවේ තිරණය අනුව පිරිවිතර සමග ගැලපෙන අවම මිල ඉදිරිපත්කොට ඇති ආයතනයෙන් එක් බල්බයක් රුපියල් 250 ක මුදලකට මිලදි ගැනිමට තින්දුකොට තිබුණි. එහෙත් ඊට අනුකුල නොවි බල්බයක් රුපියල් 1,195 බැගින් මිලදි ගැනිම නිසා සභා අරමුදලට මෙම පාඩුව සිදුවි ඇති බව විගණන වාර්තාවේ සදහන් වේ.
නියමිත පිරිවිතර අනුව භාණ්ඩ මිලදි ගැනිම නිසා මෙම තත්ත්වය සිදුවි ඇති බව ප්රා දේශිය සභාව විසින් විගණනයට සදහන් කොට ඇත.
ප්රසම්පාදන මාර්ගෝපදේශ අනුව සංග්රහය අනුව කටයුතු කළයුතු අතර වැඩිපුර ගෙවිම් කළ මුදල් වගකිවයුතු නිලධාරින්ගෙන් අයකළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. බෝපේ පොද්දල ප්රා දේශිය සභාව සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

