වැලිකන්ද පොලිස් වසමේ අංක 272 සඳුන්පිටිය ගම්මානය භාරව සිටි මහවැලි බී කලාපයට අයත් එකක කළමණාකරු අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් අද දින අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රුපියල් 20000ක මුදලකට එම ප්‍රදේශය ඉඩමක් මාරුකර දීම සඳහා මෙසේ අල්ලස් ලබාගෙන ඇති බවට චෝදනා නැගෙන අතර වන ඔහු නව නගරයේ පොළොන්නරු ලිපිනයේ පදිංචි සී සංජන ගම්ලත් නැමති පොළොන්නරුව හිටපු නියෝජ්‍ය නගරාධිපති රංජිත් ගම්ලත් මහතාගේ පුතා බව පැවසේ.
මෙම අය මීට පෙර කීප වතාවක් අල්ලස් ලබාගෙන ඇති බවට අල්ලස් දූෂණ කොමිෂන් සභාව කරුණු අනාවරණය කරගෙන ඇත.