රුපියල් විසි කෝටි පනස් ලක්ෂයක් වටිනා ( රුපියල් මිලියන 205 ක් ) කිලෝ 09 යි ග්‍රෑම් 500 ක් බරැති රන් බිස්කට් තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ ගුවන් මගියෙකු සහ ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාවක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද දින උදෑසන අත් අඩංගුවට ගෙන තිබේ.
ඔහු නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි ගුවන් මගියෙකි. ඔහු අද උදෑසන 08.35 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව කටුනායක ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවයේ නිරත වී සිටි සීදුව ප්‍රදේශයේ 38 හැවිරිදි කාන්තාවකි.
ගුවන් මගියා තම ගමන් මලු තුළත් සේවිකාව තම අත් බෑගයේත් රන් බිස්කට් 80 ක් සගවා ගෙන කටුනායක ගුවන් තොටුපළෙන් පිටතට යෑමට උත්සාහ කිරීමේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මේ වනවිට මොවුන් දෙදෙනා අත් අඩංගුවේ තබා ගෙන ගුවන් තොටුපළ රේගු නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.