කටුගස්තොට සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක රියදුරට නින්ද යාම හේතුවෙන් වෑන් රථය පාරෙන් ඉවතට පැන මහනුවර මහ නගර සභාවට අයත් මල් පෝච්චි තුනක්ද සුනු විසුණු කරවමින් විදුලි බල මණ්ඩලයට අයත් දැවැන්ත යකඩ විදුලි කණුවක් ද කඩාගෙන ගොස් ඇති බව කටුගස්තොට පොලීසිය කියයි .
එම අනතුර හේතුවෙන් විනාශයට පත් වූ විදුලි බල මණ්ඩලයට අයත් ජකඩ විදුලි කණුවේ අලාභය වශයෙන් විදුලිබල මණ්ඩලයට රුපියල් ලක්ෂ නවයක මුදලක් සහ මහනුවර මහ නගර සභාවට අයත් මල් පෝච්චි තුනේ වටිනාකම වශයෙන් රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් එහි රියදුරට ගෙවීමට සිදුවන බව පොලිසිය කියයි .