රුපියල් මිලියන 4000 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 කට අධික තොගයක් සමඟ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 05 ක් දෙවුන්දර දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව නිවේදනය කරයි.
ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව ගැඹුරු මුහුදේ සිදුකල මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක්, අද දින (2023 ඔක්තෝබර් 22) උදෑසන දෙවුන්දර ධීවර වරාය වෙත රැගෙනවිත් තිබේ.
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව පරීක්ෂා කිරීමේදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සූක්ෂම ලෙස සඟවා මෙරටට රැගෙන ඒමට උත්සාහ කල හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 කට අධික තොගයක් සමඟ එම බහුදින යාත්‍රාවේ සිටි සැකකරුවන් පස් දෙනෙකු (05) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව සිදුකෙරෙමින් පවතී.