රු. කෝටි 50 මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ හතරදෙනා රඳවාගෙන ප්‍රශ්න කරයි
රුපියල් කෝටි පනහක් පමණ වටිනා මත් කුඩු, අයිස් තොගයක් සහ මිලි මීටර් නවයේ පිස්තෝලයට දමන පතුරම් හැටක් සමග බලපිටියේදී හා අම්බලන්ගොඩදී ඊයේ (27) අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා අද (28) පස්වරුවේදී බලපිටිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන් සිව්දෙනා මාර්තු මස 5 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අවසර දුන්නේය.
මත් කුඩු ජාලයේ විමර්ශන කටයුතු ඉදිරියටත් කර ගෙන යාමට අවශ්‍ය බැවින් සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බැවින් සැකකරුවන් සිව් දෙනා රදවා තබා ගැනීමට අවසර ලබාදෙන ලෙස අහුන්ගල්ල පොලීසිය අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව අවසර ලබා දුන්නේය.
මෙසේ රඳවා තබාගැනීමට අවසර දුන්නේ බලපිටිය මහලදූවේ පදිංචි දෙසොහොයුරන් වන සමිත් ගීතාල් ගොඩහේවා ,ශාලිත අශාන් ගොඩහේවා ඔවුන් දෙදෙනාගේම සොහොයුරෙකුගේ භාර්යාවවූ අම්බලන්ගොඩ මාදම්පේ පදිංචි දේව අනුරාධා රනවි රණසිංහ සහ යුධ හමුදා බුද්ධි අංශයේ හිටපු නිලධාරියෙකු වන කන්දෙගොඩ,කළුවඩුමුල්ල පදිංචි කහදවල ආරච්චිගේ නොයෙල් සුනන්ද නමැති අයවලුන්ය.
මේ සැකකරුවන් සන්තකයේ තිබී මත් කුඩු කිලෝ දහතුනක් සහ අයිස් කිලෝ දාහතරක් සොයා ගැනුනු අතර එහි වටිනාකම රුපියල් කෝටි පනහක් පමණ වන බව අහුන්ගල්ල පොලීසිය විසින් අධිකරණයට දන්වන ලදි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
