රු. කෝටි 49ක් ගිල දැමූ ඊ ග්‍රාම නිලධාරී ව්‍යාපෘතිය
ඊ ග්‍රාම නිලධාරි ව්‍යාපෘතියේ දෙවන අදියර සදහා රුපියල් හතලිස්නමකෝටි,හැත්තැහත්දහස්,තුන්සියහතලිස්එකක, (490,077,341) මුදලක් වැයකොට තිබුනද එම ව්‍යාපෘතිය මගින් බලාපොරොත්තු ඉලක්ක ඉටු කරගැනිමට නොහැකිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
මෙකි ව්‍යාපෘතියේ දෙවැනි අදියර දිස්ත්‍රික්ක 07ක ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශ 95ක ආරම්භකොට තිබුණි. මෙම ව්‍යාපෘතියේ නියමු අදියර යටතේ රුපියල් පන්කෝටි,අනුනමලක්ෂ,හතලිස්දහසක (59,940,000_ මුදලක් වැයකර ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශ හතරක සිදුකළ ව්‍යාපෘති සම්පුර්ණයෙන්ම අක්‍රිය වි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මෙම ව්‍යාපෘතිය සදහා ලබාදුන් ටැබ් ඇතුළු උපකරණ ඇතැම් ප්‍රා දේශිය ලේකම් කාර්යාලවල ගබඩාතුල පවතින බවද වාර්තාවේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සම්බන්දයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

