රු. කෝටි 20ක අයිස් අල්ලයි
කොළඹ මධ්‍යම තැපැල් කාර්යාලයට ලැබී තිබුණු පාර්සලයක තිබූ රුපියල් මිලියන දෙසීයක පමණ වෙළෙඳ පොළ වටිනාකමකින් යුත් අයිස් නමැති මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පකිස්තානයේ සිට කොළඹ මොදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වෙත ත්‍යාග පාර්සලයක් ලෙස එවා තිබූ පාර්සලයක් පිළිබඳව සැක සිතී අද (24දා) සවස මෙම පාර්සලය පරීක්ෂාවට ලක් කර තිබේ.
මේ අනුව අදාළ පාර්සලයේ තිබී අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ හතරයි ග්‍රෑම් 847 ක් සොයාගෙන තිබෙන අතර, පාර්සලය රැගෙන යාමට පැමිණි මෝදර ප්‍රදේශයේ පුද්ගලයාද අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉන් පසුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම සිද්ධිය සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩි දුර විමර්ශන සිදුකරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
