රු. කෝටි 12ක කේරළ ගංජා නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය උඩුත්තුරෙයි මුහුදු ප්‍රදේශයේ සහ විශේෂ කාර්ය බළකාය හා එක්ව එම වෙරළ ප්‍රදේශයේ 2025 අප්‍රේල් මස 08 වැනි දින අළුයම් කාලයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ තුන්සිය හතරයි (304) ග්‍රෑම් හයසීයක (600) පමණ තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවෙකු (01) නීතයේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු නාවික විධානයේ නාවික ස්ථානගත කිරීම වෙත්තලකේණි ආයතනය, එම ආයතනයට අනුයුක්ත මැරීන් සහ විශේෂ යාත්‍රා බලඝණ කණ්ඩායමක් යොදවා, කිලිනොච්චිය උඩුත්තුරෙයි මුහුදු ප්‍රදේශයේ සහ මරදන්කේනී, විශේෂ කාර්ය බළකාය හා එක්ව එම වෙරළ ප්‍රදේශයේ 2025 අප්‍රේල් මස 08 වැනි දින අළුයම් කාලයේ සිදුකල මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කල සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී එම ඩිංගි යාත්‍රාව තුළ තිබී කේරළ ගංජා කිලෝ තුන්සිය හතරයි (304) ග්‍රෑම් හයසීයක (600) පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවෙකු (01) සහ එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන එකසීය විසි එකකට (121) අධික වෙතැයි විශ්වාස කෙරේ.
තවද, අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 41ක් වන මුල්ලියාන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගත් අතර, එම සැකකරු, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මරදන්කේනී පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

