රුපියල් කෝටි දෙකකට ආසන්න තහනම් වල් නාශක තොගයක් ආලංකුඩාව ප්රදේශයෙදී සැකකරුවකු හා කැබ් රථයක් සමග අද (8දා) අත්අඩංගුවට ගත් බව නොරෝච්චෝල පොලිසිය පවසයි.
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන විත් සගවා තබා පසුව කැබ් රථයකින් ප්රවාහනය කරමින් තිබේන බවට නොරෝච්චෝල පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක එස්.ධර්මකුමාර් මහතාට ලැබුන තොරතුරකට මෙම තහනම් වල් නාශක තොගය අත්අඩංගුවට ගෙන තිබුණි.
පොලිසිය පවසන්නේ නොරෝච්චෝල පොලිසිය සිදුකල විශාලතම වල් නාශක තොගය මෙය බවයි.
අදාල වල් නාශක ශ්රී ලංකාවේ අලවි කිරීමට තහනම් වල් නාශකයක් වන අතර එය ඉතා ආරක්ෂීතව පොහොර උර වල බහා නැවත පෙට්ටි වල අසුරා කිලෝ එක බැගින් වු පැකට් තුල දමා තිබු බව පොලිසිය කියයි.
පොලිසිය අදලා ලොරි රථය අත් අඩංගුවට ගැනිමට පෙර රියදුරු ලෙස කටයුතු කල සැකකරු පලා ගිය බවත් පුත්තලම පාලවිය පදිංචි රියදුරු සහයක අත්අඩංගුවට ගැනිමට පොලිසිය සමත්වි තිබුණි.
අත්අඩංගුවට ගත් තහනම් වල නාශක තොගය විශාල පොහොර උර 39 ක අසුරා තිබු බවත් එක් උරයක පෙට්ටි තුන බැගින් තිබු බව පොලිසිය කියයි.
මෙම පෙට්ටි තුල තහනම් වල් නාශක කිලෝව බැගින් වු පැකට් 1170 ක් තිබු බවත් මෙය ශ්රී ලංකා වෙළද පොල තුල කෘමිනාශක අලෙවි කරන ස්ථාන වල රහසේ අලෙවි කරන බවද කියයි.
මෙය වල් නාශක විවිධ අධික මිළ ගනන් වලට අලේවි කිරීම සිදුවන බවද පොලිසිය කියයි.
අත්අත්ඩංගුවට ගත් තහනම් වල් නාශක තොගය හා කැබ් රථය පොලිස් භාරයේ ඇති බවත් සැකකාර කැබ් රථ සහයකයා පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
