බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කිරිවත්තුඩුවේ අසංක ප්‍රියදර්ශන නොහොත් කුඩු අසංක නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගෙන ඉදිකල සහ මිලදී ගත් බවට සැක කරන කෝටි පනහකට අධික දේපළ සිය භාරයට ගෙන ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි
එම දේපළ අතර තිබූ රුපියල් කෝටි තුනකට ආසන්න වටිනා පර්චස් දහයක භූමියක ඉදිකර තිබූ තෙමහල් ගොඩනැගිල්ලට මුද්‍රා තැබූ බවද පොලිසිය සඳහන් කරයි
පොලිස් භාරයට ගත් අනෙකුත් දේපළ අතර සුඛෝභෝගී මෝටර් රථයක් යතුරුපැදි තුනක් , පවුම් පනහක රන් ආභරණ , රුපියල් එක් ලක්ෂ 1 25000ක මුදලක් ,පර්චස් දහය බැගින් වූ ඉඩම් කැබලි තුනක් දර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන ඇත
යුද හමුදාවේ සේවය කරමින් සිටියදී වැඩ තහනමට ලක්ව තිබූ ආමි අසංක නමැත්තා කිඹුලා ඇලේ ගුණාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වී උපයා ගත නොහැකි ආකාරයෙන් දේපල රැසක් හිමි කරගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
වැටලීම සඳහා නීති විරෝධී වත්කම් විපර්සන කොට්ඨාසය පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ කහතුඩුව පොලිසිය ඒකාබද්ධව කටයුතු කළේය