රු. කෝටියක ජංගම දුරකතන කටුනායකින් පන්නන්න බැරි වෙයි
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන පනත උල්ලංඝනය කරමින් , එම කොමිෂමේ අනුමැතියෙන් තොරව , රුපියල් කෝටියක් වටිනා අති නවීනතම ජංගම දුරකථන තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 05/07 දින ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු කොළඹ 12 ප්‍රදේශයේ පදිංච් 40 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.ඔහු 05/07 දින උදෑසන 08.35 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු 02 ක් තුළ මෙම අති නවීනතම ජංගම දුරකථන 91 ක් සගවා ගෙන සිටියදී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මේ වනවිට මෙම ජංගම දුරකථන තොගය සමග ඒවා රැගෙන ආ ගුවන් මගියා 05/08 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

