රු ලක්ෂ 365ක් රන් රාජසන්තක කරයි, ව්‍යාපාරිකයාට දඩය රු. ලක්ෂ 37
රුපියල් තුන් කෝටි හැට පන් ලක්ෂ දහනව දහස් එකසිය අනූ දෙකයි ශත දහනවයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 10/03 දින උදෑසන ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු මහනුවර පල්ලෙකැළේ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහු 10/03 දින උදෑසන 09.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහිදී ඔහු විසින් සිය සිරුරේ , පාර්සල් 04 ක් ලෙස සකස් කළ ග්‍රෑම් 996 ක් බරැති මෙම ස්වර්ණාභරණ තොගය සගවා ගෙන තිබුණි .
පසුව මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ ස්වර්ණාභරණ තොගය කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
10/04 දින අලුයම 04.45 තෙක් මේ පිළිබද විධිමත් රේගු පරීක්ෂණය පැවති අතර , එහිදී මෙම ස්වර්ණාභරණ තොගය රාජසන්තක කිරීමට සහ මෙම ගුවන් මගියාට රුපියල් ලක්ෂ තිස් හතක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළේය .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
