රු මිලියන 250ක් අරගෙන ප්‍රංශ නැවියන් 750ක් අද එයි
ප්‍රංශ නාවික භටයින් 750 දෙනෙකු අද (07දා) මෙරටට පැමිණෙන අතර ඔවුන් ලබන 11දා නැවතත් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතය. ඔවුන් 07 දා, 08 දා හා 09 දා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.
විදේශ කටයුතු අමාත්‍යංශය , මෙරට ප්‍රංශ තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ අනුග්‍රහය යටතේ මෙහි කටයුතු සම්බන්ධීකරණය කෙරේ. ප්‍රංශ නාවික යාත්‍රා 2ක් මගින් මෙම නැවියන් මෙරටට පැමිණීමට නියමිතය.
මෙම පිරිස &සංචාරක ජෛව බුබුලක්* යටතේ මෙරටට පැමිණෙන අතර, ඔවුන් සීගිරිය, උඩවලව, මින්නේරිය හා යාල යන ස්ථානවල සංචාරය කිරීමට ද නියමිතය. සියලු සනීපාරක්ෂක විධිවිධානයන්ට යටත්ව මෙම සංචාරය සංවිධානය කර ඇති අතර, මෙම නැවියන් සම්පූර්ණ එන්නත් ක්‍රියාවලියට භාජනය කර ඇති බව ප්‍රංශ තානාපති කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යංශයට දන්වා ඇත.
මෙම නැවියන්ගේ පැමිණීම පිළිබදව සෞඛ්‍ය අංශ දැනුවත් කර ඇති බවත්, ඔවුන් ජාතික වනෝද්‍යානය, උඩවලව ජාතික වනෝද්‍යානය හා හබරණ ඉකො පාර්ක් නැරඹීම සදහා වනජීවි රැකවරණ අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය දැනුවත් කිරීමට ද කටයුතු කර තිබේ.
ප්‍රංශ නාවිකයින් පැමිණෙන නැව් කොළඹ වරායට පැමිණීමෙන් මිලියන 125ක් හා හෝටල් ගාස්තු ඇතුළුව අනෙකුත් ආදායම් ලෙස මිලියන 125ක් ලෙස මිලියන 250ක සම්පූර්ණ ආදායමක් මෙරටට හිමිවන බව ද වාර්තා වේ.

popular news
-
Samson de Silva Tuesday, 08 June 2021 09:20 AM
Thawath dollar newak. Ko mey Rohithayata hinaa wechcha ewun?
Reply : 0 0
Amila prasanna Friday, 11 June 2021 07:32 PM
Hoda news ekak danna parakkui eka balanna.breaking news eka evilla den thawama ne.thanks oba sematama
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

