රු බි 3.6කින් යාපනයට ගඟක් තැනීමට කිරිමට කැබිනට් අනුමැතිය
රුපියල් බිලියන 3.6ක පිරිවැයක් සහිතව යාපනයට ගඟක් ඉදිකිරීම සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
යාපනය අර්ධද්වීපයට ගංඟා නොමැති වීම හේතුවෙන් හා එහි ජල හිඟය මඟහැරවීම ප්‍රධාන අරමුණු කරගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඊට අමතරව වඩමාරච්චි කලපුවට මායිම්ව පිහිටි ළිංවල ලවණතාවය අඩුකිරීම, එම ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුු සඳහා වන ජල සම්පාදනය වසරකට මිරිදිය ජල ඝනමීටර මිලියන 8ක ප්‍රමාණයකින් ඉහළ නැංවීම, මිරිදිය ජල සුලභතාව ඇති කිරිම මඟින් පානීය හා ගෘහ අවශ්‍යතා සඳහා අවශ්‍ය ජල සැපයුම ඉහළ නැංවීමද මෙහි අරමුණු වෙයි.
මෙම ව්‍යාපෘතිය අදියර දෙකකින් වසර පහක ව්‍යාපෘතියක් ලෙස කියාත්මක කිරීමට නියමිතය.
ප්‍ර යෝජනයට ගනු නොලැබූ හෙක්ටයාර් 12 610ක් හා වී, කෙත්වතු භෝග, වැවිලි භෝග හා තණබිම් සහිත හෙක්ටයාර් 1315ක් සංවර්ධනය කිරීමද මෙම ව්‍යාපෘතිය හරහා බලාපොරොත්තු වෙයි.
මෙම ව්‍යාපෘතිය හරහා ලක්ෂ තුනකට අධික ජනතාවක් ප්රතිලාභ ලබනු ඇති බව රජය පවසයි.

popular news
-
Champa Wednesday, 16 October 2019 10:13 AM
යාපනේ ලිං වලට තෙල් මිශ්‍ර වෙලා අවරුදු 4 කුත් තිබුන. මම ඒ ගැන ඒ කාලේ COLOMBO TELEGRAPH article එකකට ලිව්ව වහල් ආණ්ඩුවට මොනවා හරි කරන්න කියල. දැන් චන්දෙ නිසා වැහිච්ච ඇස ඇරිලා.
Reply : 0 0
sarath jayasinghe Wednesday, 16 October 2019 10:17 AM
මෙය ඉතාමත් ප්‍රයෝජනවත් අදහසක්. කල යුතුව තිබුනේ මීට හුඟක් ඉස්සර.
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

