නොගෙවා පැහැර හැර ඇති රුපියල් කෝටි 135 බදු මුදල් මාසයක් ඇතුළත ගෙවීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් පවිත්රා සංජීවනි පතිරාජ මහත්මිය රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමට අද (10) නියෝග කළාය .
2012 සහ 2015 අතර කාලය තුළ ආදායම් බදු, වැට් බදු සහ දේශය ගොඩනැගීමේ බදු වශයෙන් රජයට ගෙවිය යුතු රුපියල් 135,87,73,144/-ක මුදලක් නොගෙවා පැහැර හැර ඇති බවට චෝදනා කරමින් දේශීය ආදායම් කොමසාරිස්වරයා රන්දෙණිගල ඩිස්ටිලරීස් සමාගමට එරෙහිව පවරා ඇති නඩුව කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරිය එලෙස නියෝගය කළාය.
2012 හා 2015 අතර කාලය තුළ වැට් බදු වශයෙන් රජයට ගෙවිය යුතු රුපියල් 907586288/-ක්ද ,ආදායම් බදු වශයෙන් රජයට ගෙවිය යුතු රුපියල් 40,09,96,259.44 හා දේශය ගොඩනැගීමේ බදු වශයෙන් රජයට ගෙවිය යුතු රුපියල් 5,01,90,596.56 නොගෙවා පැහැර හැරීම හේතූවෙන් වගඋත්තරකාර අධ්යක්ෂ මණ්ඩලයට එරෙහිව මෙලෙස නඩු පවරා ඇත.
නඩුව කැඳවූ අවස්ථාවේදී කඩුවෙල, කොරතොට ප්රදේශයේ පවත්වාගෙන යන රන්දෙණිගල ඩිස්ටිලරීස් සමාගමේ අධ්යක්ෂ පියුමි විජේවික්රම මහත්මිය අධිකරණයේ පෙනී සිටියාය.රන්දෙණිගල ඩිස්ටිලරීස් සමාගමේ අධ්යක්ෂවරුන් වන පියුමි විජේවික්රම, සරත් කුමාර විජේවික්රම, බුද්ධිකා විජේවික්රම හා තවත් අධ්යක්ෂවරියක වගඋත්තරකරුවන් කරමින් දේශීය ආදායම් කොමසාරිස්වරයා නඩු පවරා තිබිණි.
දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් 2024 වසරේදී විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබු අතර නඩුව විභාග කළ කොළඹ අතිරේක මහේස්ත්රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා වගඋත්තරකාර සමාගම හිග බදු මුදල් රජයට ගෙවිය යුතු බවට තීන්දු කර තිබිණී
අතිරේක මහේස්ත්රාත් පවිත්ර පවිත්රා සංජීවනි පතිරාජ මහත්මිය හමුවේ නඩුව කැඳවු අවස්ථාවේදී අතිරේක මහේස්ත්රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතාගේ තීන්දුව ප්රකාශට පත් කෙරිණී.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනනී සිටි නීතීඥ ඉෂාර ගුණවර්ධන මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයින් මෙම මුදල් ගෙවීමට සූදානම් බවත් ඊට කාලයක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලීමෙන අනතුතුරුව හිඟ බදු මුදල් ගෙවීමට මාසයක කාලයක්දන් මහේස්ත්රාත්වරිය නඩුව ජුනි 25 වැනිදා කැඳවන ලෙස නියම කළාය.
දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් නිතීඥ දිනේෂ් පෙරේරා මහතා පෙනී සිටි අතර විත්තිකර සමාගම වෙනුවෙන් නීතිඥ ඉෂාර ගුණවර්ධන මහත්වරු පෙනී සිටියහ.