තංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් ඊයේ (25දා) සිදුකළ වැටලීමකදී රුපියල් කෝටි 122කට වඩා වැඩි වටිනාකමකින් යුත් හොරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 122ක් සමග අවුරුදු 25ක තරුණයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියයි.
දැනට භාවිතයට නොගන්නා හෝටලක මෙම සැකකරු සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සමග මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට භාවිත කළා යැයි සැකකරන ජංගම දුරකතන දෙකක්, මත්ද්‍රව්‍ය වල බර කිරීමට භාවිත කළේ යැයි සැලකෙන තරාදියක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු ඩුබායි සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ජාවාරම්කරුවන් සමග වක්‍රව සම්බන්ධ වෙමින් මෙම ජාවාරම සිදුකරන බවට පොලීසිය සැකකරයි. අත්අඩංගුවට පත් සැකකරු හා භාණ්ඩ දික්වැල්ල පොලීසියට වැඩිදුර විමර්ශන කටයුතු සඳහා භාර දී තිබේ.