රුහුණ විශ්වවිද්‍යාලයේ නවක සිසුසිසුවියන්ට කොන්දේසි පනවමින් අපහසුතාවයට පත්කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන අවසන්වන තෙක් එහි වෛද්‍යපීඨයේ සිසුන් 263 දෙනෙකුට කරාපිටිය වෛද්‍යපීඨයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කලබව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතාපැවසීය.
එම පීඨයේ දෙවන වසරේ ශිෂ්‍ය කණ්ඩායමක් මෙම තහනමට ලක්ව සිටිනබව දැනගන්නට ඇත.
ඉකුත් 01 වැනිදා නවක සිසුන් පිලිගැනීම සදහා පැවති උත්සවයේ දී න්‍යාය පත්‍රයේ සදහන්ව තිබු පීඨාධිපතිවරයාගේ කතාව ඉන් ඉවත්කර එකගතා කඩකිරීම,නවක සිසුන්ට දිග කලිසම් අත්දිග ටෂර්ට් ඇදගෙන ටයි හා සපත්තු පැලද පැමිණීමට ද නවක සිසුවියන්ට සාරිය ඇද මේකප් කර කොණ්ඩය සකසාගෙන පැමිණීම අනිවාර්ය කිරීම ආදී ක්‍රියා සිදුකිරීම අදාල ශිෂ්යකණ්ඩායමට එල්ලවී ඇති චෝදනා අතරවේ.
රටේ පවතින තත්වය තුල ඒ ආකාරයට ටයි ගැනීමට,කොණ්ඩය සකස් කිරීමට,රූපලාවන්‍ය කිරීමට අමතර වියදමක් දැරීමට සිසුසිසුවියන්ට හා ඔවුන්ගේ දෙමාපියන්ට අපහසු බවත් එම නිසා කලින් ඇතිකරගත් එකගතා කඩකිරීම මත විමර්ශනයක් පවත්වන බවත්ජේෂ්ඨ උපකුලපති මහාචාර්ය සුජීවඅමරසේන මහතාකීය.
අදාල විමර්ශනයේදී යම්හෙයකින් නවකවධය දී ඇතිබව හෙලිවුවහොත් එමසිසුන් ශිෂ්‍යභාවය අහෝසිකර විශ්වවිද්‍යාලයෙන් නෙරපීම වැනි දැඩි දඩුවම් පැමිණවීමට තමා කිසිවිටෙක පසුබට නොවන බවද ඒමහතා සදහන් කලේය.
තවද අදාල තහනම පන්ති තහනමක් නොවන බවද අදාල සිසුන්ගේ වාර්ෂික අධ්‍යාපන කටයුතු අවසන්කර විභාගය පවා නිමකර ඇති නිසා නිවාඩුකාලයේ ඔවුන්ට පීඨයට පැමිණීම අවශ්‍ය නොවන බවද එමනීසා ඔවුන්ට මීලග පන්තිවාරය ආරම්භ වනතෙක් පීඨයට ඇතුළුවීම තහනම්කර ඇති බවත් උපකුලපතිවරයාවැඩිදුරටත්පැවසීය.
ක්‍රිෂාන් ජීවක ජයරුක්