රුහුණු සරසවි සිසුන් 21 දෙනා රිමාන්ඩ්
රුහුණ විශ්ව විද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් එම සරසවියේ සීසුන් 21 දෙනා ලබන 28 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා අද (21) නියෝග කලේය.
එසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ එම විශ්ව විද්‍යාලයේ දෙවැනි සහ තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකි.ඔවුන් ඊයේ (20) සවස කඹුරුපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණි.
දෙපිරිස අතර ඇතිවු ගැටුමකින් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඊට සම්බන්ධ තවත් සිසුන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ පවත්වන බවත් විමර්ශන අවසන් නොමැති බවත් එම නිසා සැකකාර සිසුන් පිරිස රක්ෂිත බන්ධනාගාරයේ තබන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම ගැටුම ඇති වීමට පෙර දින පැවැත්වු සුහද ක්‍රිකට් තරගයක් අතරතුරදී ලකුණු සම්බන්ධයෙන් ඇතිව තිබු මත ගැටුමක් දුරදිග යාම මෙම සිද්ධියට හේතු වු ඇති බව මූලික පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.
කෙසේ වෙතත් උද්ගත වු තත්වය හමුවේ විශ්ව විද්‍යාලය තුල සාමය ආරක්ෂා කර ගැනීම සදහා කෘෂි විද්‍යා පීඨයේ දෙවන හා තෙවැනි වසරේ සීසුන්ට එම පීඨය තාවකාලිකව තහනම් කිරීමටත් නේවාසිකාගාර වලින් ද එම සිසුන් ඉවත් කිරීමටත් විශ්ව විද්‍යාල පාලන අධිකාරිය පියවර ගනු ලැබීය. එම නියෝගයට අනුව අදාල වසර වල සිසුන්ට ඉවත්ව ගොස් තිබේ.
ක්‍රිෂාන් ජීවක ජයරුක්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

