යුක්රේනය ආක්‍රමණය කිරීමහේතුවෙන් රුසියාව හා යුක්රේනය අතර ඇතිවූ ගැටුම් වලින් මේ දක්වා රුසියානු ආරක්ෂක අංශ සාමාජිකයන් 4300ක් පමණ ඝාතනය වී ඇති බව යුක්රේන නියෝජ්‍ය අමාත්‍යවරිය පවසයි.මීට අමතරව රුසියානු ගුවන් යානා 27ක්, හෙලිකොප්ටර් 26ක්, යුධ ටැංකි 146ක්ද යුක්රේන ආරක්ෂක අංශ විසින් විනාශ කර ඇති බවයි.
සන්නද්ධ සටන් වාහන 706 ක්, කාලතුවක්කු 49 ක්, ගුවන් ආරක්ෂක පද්ධතියක්, රොකට් දියත් කිරීමේ පද්ධති 04ක්, යුද වාහන 30ක්, ඩ්‍රෝන යානා 02ක් හා බෝට්ටු 02ක්ද මේ අනුව විනාශ කර ඇති බව යුක්රේනය පවසයි.

