රුසියාව හා ලංකාව ගුවන් හමුදා සහයෝගීතාව පිළිබඳව සාකච්ඡාවක
ශ්රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ඇලෙක්සි ඒ බොන්ඩරෙව් මහතා ඊයේ (21දා) දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය.
මෙම නිළ හමුවේදී දෙරටේ ගුවන් හමුදාවන් අතර පවත්නා දිගු කාලීන සබදතාවය හා සහයෝගීත්වය සම්බන්ධයෙන් මෙන්ම ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබදව සුහද පිළිසදරක් පැවැත්විණි.
අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් සහ රුසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ඇලෙක්සි ඒ බොන්ඩරෙව් මහතා අතර එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.

popular news
-
Kumar Friday, 23 September 2022 04:20 PM
thawa mig yana wikuna gannada.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

