රැසියාවේ සිට එහි තවත් විශාල ගුවන් සේවයක් වන අසූර් එයා (Azur Air) ගුවන් සේවයේ පළමු ගුවන් යානය 11/03 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
රැසියාවේ ප්‍රධාන නගර 04 ක් වන වෙනුකෝවෝ, ටොල්මැචේවෝ , ක්‍රාස්නෝයාස්ක් සහ සාන්ත පිටස්බර්ග් යන නගර වල පිහිටි ගුවන් තොටුපළ වල සිට සතියකට දින 04 ක් , එනම් බ්‍රහස්පතින්දා , සිකුරාදා , සෙනසුරාදා සහ ඉරිදා යන දින වල මෙම ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.
ඉසෙඩ්.එෆ්.- 1611 දරන මෙම පළමු ගුවන් යානය 11/03 දින උදෑසන 09.45 ට රැසියාවේ සිට රැසියානු සංචාරක ගුවන් මගීන් 333 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් පිළිගැනීම සදහා රැසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු , සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ උප සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .


