රුසියාවෙන් තෙල් ලබාගැනීමට අවශ්‍ය නම් රුසියාව හා ශ්‍රී ලංකාව අතර ගිවිසුමකට අත්සන් කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා තමන් ඇතුළු ආණ්ඩුවෙන් ඉවත්ව සිටින පිරිස සමග පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බව විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවට පැවැසීය.
ඉන්දියාව රුසියාවෙන් ඉන්ධන ලබා ගන්නේ සියයට 35කට වඩා අඩු මුදලකට බවත් එම වාසිය ශ්‍රි ලංකාවට ලබා ගත හැකි බවත් විමල් වීරවංශ මහතා පැවැසීය.
මේ සඳහා මුලින්ම රාජ්‍ය නායක මට්ටමින් සාකච්ඡා ආරම්භ විය යුතු බවත් ඉන් අනතුරුව ශ්‍රී ලංකාවන් ප්‍රභල දූත පිරිසක් රුසියාව බලා පිටත්ව යා යුතු බවත් ඔහු පැහැදිලි කළේ්ය. ඉන් අනතුරුව දෙරට අතර ගිවිසුමක් අත්සන් කළ යුතු බවද විමල් වීරවංශ මහතා පැවැසීය.