යුක්රේනයට එරෙහිව සටන් වදිමින් සිටින තම හමුදාවේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීම සඳහා යුද්ධයේ ඉදිරි පෙළට සංගීතඥයින් සහ ගායකයින් යොදවන බව රුසියාව පවසයි.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ "පෙරටුගාමී නිර්මාණාත්මක බලකාය" නමින් නව බළකායක් පිහිටුවන බවත් එයට ගායකයන්, වාදකයන් හා සර්කස්කරුවන්ද ඇතුළත් බව රුසියාව නිවේදනය කරයි.
බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය ඉරිදා බුද්ධි තොරතුරු යාවත්කාලීන කිරීමකින් සඳහන් කළේ රුසියානු හමුදාවේ චිත්ත ධෛර්යය අඩුවීම "රුසියානු හමුදාවට සැලකිය යුතු අවදානමක්" මතුකර ඇති බවයි.
මේ අනුව මෙම නව බළකාය නිර්මානය කර තිබේ. රුසියානු මාධ්‍ය ආයතනයක් වන RBC ප්රවෘත්ති වලට අනුව නව බලකාය ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ බඳවා ගැනීමේ මෙහෙයුම යටතේ බලමුලු ගන්වන ලද භට පිරිස් මෙන්ම "ස්වේච්ඡාවෙන් හමුදා සේවයට ඇතුළත් වූ වෘත්තීය කලාකරුවන්" ගෙන් සමන්විත වනු ඇත.
නව ඒකකයට "විශේෂ මිලිටරි මෙහෙයුමට සහභාගිවන්නන් අතර ඉහළ සදාචාරාත්මක, දේශපාලනික සහ මනෝවිද්‍යාත්මක තත්වයක්" පවත්වාගෙන යාමේ වගකීම පැවරෙනු ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
