රුසියානු ජාතික යුවලකට අයත් රුපියල් ලක්ෂ 13 කට අධික වටිනාකමකින් යුත් මුදලක් , ඇපල් ජංගම දුරකථනය සහ ඒටීඑම් කාඩ්පත් ඇතුළු වටිනා ලියකියවිලිද අඩංගු ගමන් මල්ල ඊයේ (23දා) රාත්‍රි කොල්ලකා පලාගිය පුද්ගලයෙකු පැය දෙකක් ඇතුලත අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි .
විදේශ යුවල කළුතර පලාතොට මාර්ගයේ ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැම්ණි පුද්ගලයෙකු ගමන් මල්ල කොල්ලකා පලාගොස් ඇති බවට අන්තර්නියා වේගිනියා නමැති රුසියානු කත එදින රාත්‍රි 9.30 ට පමණ කල පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ .
ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිස් පරීක්ෂක ගයාන් ක්‍රිෂාන්ත ඇතුළු පොලිස් කණ්ඩායම ප්‍රදේශයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කර යතුරුපැදියේ අංකය අනුව ගොස් කළුතර, කිතුලාව ප්‍රදේශයේ සැගව සිටී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී විදේශ ගමන් බලපත්‍ර 2 ක් , ජාත්‍යන්තර ගුවන් ගමන් බලපත්‍ර 2 ක් , රුසියානු රියදුරු බලපත්‍ර 2 ක්, ජාත්‍යන්තර රියදුරු බලපත්‍ර 2 ක් , වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනය , මාස්ටර් ඒටීඑම් කාඩ්පත් හතරක් , ඇමරිකානු ඩොලර් 4000 කට ආසන්න මුදලක් සහ ශ්‍රීලංකා රුපියල් හාරදහසක් ඇතුලත් ගමන් මල්ල සොයාගෙන කොල්ලකෑමට යොදාගත් ස්කූටි වර්ගයේ යතුරුපැදියද පොලිස් භාරයට ගෙන තිබේ.
මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ, මීගහතැන්න ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
මූලස්ථාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් ක්‍රිෂාන්ත සහ උප පොලිස් පරීක්ෂක උපුල් හර්ශ ඇතුළු නිලධාරීන් පිරිසක් වැටලීමට එක්වූහ.
පානදුර සුමිත් පොතුපිටිය