රුසියානු යානය සම්බන්ධයෙන් ගත් පියවර ගැන සතුටුයි
රුසියාවට අයත් Aeroflot ගුවන් යානය සම්බන්ධයෙන් ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම ද, සිවිල් ගුවන්සේවා අධිකාරිය ද අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇති බවත්, තමා මේ පිළිබඳව ඉතාමත්ම සතුටු වන බවත්, මෙවන් විසඳුමකට පැමිණීමට හැකිවීම රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් මෙන්ම, රුසියා - ශ්‍රී ලංකා දිගුකාලීන මිත්‍රත්වය තහවුරුවීමක් ලෙසත්, වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
එමෙන්ම, මෙම තත්ත්වය හේතුවෙන්, අපහසුතාවයට පත්ව සිටී මගීන් හා ඔවුන්ගේ බඩු භාණ්ඩ ප්‍රවාහනයේ දී සිදු වූ අපහසුතාවයන් සම්බන්ධයෙන් ද තමා කණගාටුවන බව ද, අමාත්‍යවරයා පැවසීය.
මෙවන් නඩු කටයුත්තකදී අධිකරණ බලය සමග සාකච්ඡාමය තත්ත්වයකින් මෙවැනි ගැටළුවක් ඉදිරියේ දී නොවන පරිදි කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පැනනැගුණු මෙම ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා නීතිපතිවරයා ප්රමුඛ ඒ වෙනුවෙන් කටයුතු කළ නීතිඥ මණ්ඩලයට ද, තමන් ඉතාමත්ම ස්තූතිවන්ත වන බවද, ගැටළුව ඉතාමත්ම යහපත් අයුරින් විසඳා ගැනීමට ලැබීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බවද, වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
popular news
-
sg Monday, 06 June 2022 06:41 PM
Double-acting ...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

