රුසියානු යානයක් කටුනායක රඳවාගනී
කටුනායක ගුවන්තොටුපොළ සිට රුසියාවේ මොස්කව් බලා ඊයේ (02දා) දහවල් 12.50 ට පිටත්වීමට නියමිතව තිබූ එස්. යූ. 289 දරන රුසියාවේ එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් යානයක් කොළඹ වාණිජ මහාධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව කටුනායක ගුවන්තොටුපොළේ රඳවාගෙන තිබේ.
මෙම සිද්ධිය හේතුවෙන් අදාළ ගුවන් යානයේ සිටි මගීන් ගුවන් තොටුපොළ අසල සංචාරක හෝටල් වෙත යොමු කිරීමට ගුවන් තොටුපොළ බලධාරින් විසින් කටයුතු කර තිබේ.
කොළඹ වානිජ මහාධිකරණය විසින් කටුනායක ගුවන් තොටුපළ ගුවන් සංතරණ අංශයේ ප්‍රධානී වෙත මෙම ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාම තහනම් කරමින් නියෝගය ලැබී තිබේ .
මෙම ගැටළුව නිරාකරණය කර ගැනීම පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ගුවන් සංතරණ අංශයේ ප්‍රධානී ඇතුළු උසස් නිලධාරීන් , එරොෆ්ලොට් ගුවන් සේවයේ නිලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පිරිසක් ද සාකච්ඡා පවත්වමින් සිටින බව කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .
popular news
-
Chamara Friday, 03 June 2022 09:21 AM
Mokakda ehema niyogayak denna hethuwa? Kauda ehema niyogayak denna kiyla usaviyen illuwe?
Reply : 0 0
Deepal Nirosh Saturday, 04 June 2022 01:10 AM
ලෝකයේ ඕනෑම රටකින් යන එන මගී/භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අපේ රටේ ගුවන් තොටුපොළවලට සැපත් වෙන්නත් නැවත ඉගිල යන්නත් මෙතෙක් කිසිදු වාරණයක් තිබුණෙ නැහැ. දැන් එකපාරට මොකද්ද මේ දාගත්තු අනවශ්‍ය ලෙඩ? රටට තිබෙණ ප්‍රශ්න මදිවට ද මන්ද. අනෙක රුසියාව මේ තාක් මානව හිමිකම් ගැටළුවල දි අපට දීපු සහාය මේ පාලකයන්ට අමතක වෙලා වත්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

