රුසියාව හා යුක්රේනය අතර මේ මස මුලදී පැවති සාම සාකච්ඡාවලට එක්වූ රුසියානු ප්‍රකෝටිපතියෙකු වන රෝමන් ඒබ්රමොවිච්ට විෂ ශරීරගත වූ බවට සැක කෙරෙන සිද්ධිය අසත්‍ය බව රුසියාව පවසයි.
ඒබ්රෙමා්විච් සාම සාකච්ඡා සඳහා එක්වූ රුසියානු නියෝජිත කණ්ඩායමේ නිල සාමාජිකයෙකු නොවන බව ක්‍රෙම්ලිනය පවසයි.
කෙසේ වෙතත් ඔහුට රුසියාව හා කියෙව් අතර පැවැති සබඳතා හේතුවෙන් ඔහු සාකච්ඡා සඳහා එක්ව සිටි බව ක්රේම්ලීනය පවසයි.
"මෙය තොරතුරු ව්‍යාපාරයේ කොටසකි, තොරතුරු කඩාකප්පල් කිරීමේ කොටසකි, මෙය තොරතුරු යුද්ධයේ කොටසකි," ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් මාධ්‍ය හමුවකදී පැවසුවේය. "මෙම වාර්තා නිසැකවම සත්‍ය නොවේ," ඔහු වැඩිදුරටත් පැවසීය.
