රුවන් විජයවර්ධනට ජනාධිපති උපදේශක තනතුරක්
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට පත් කර ඇත.
2016 වසරේ දී ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතියට අත්සන් තබා ඇත. මේ වන විට ලොව පුරා බොහෝ දෙනාගේ අවධානය දේශගුණික විපර්යාස මගින් මිහිතලයට වන හානි වළක්වා ගැනීම වෙනුවෙන් යොමුව තිබේ. ශ්‍රී ලංකාව ද එම ගෝලීය වගකීම් වෙනුවෙන් කළ යුතු කාර්යයන් රැසකි.
කාබනික විමෝචනය සහ හරිතාගාර ආවරණය වළක්වා ගැනීම, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම, හරිත ආර්ථිකයක් ගොඩනැගීම වැනි ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති රැසක් වෙනුවෙන් උපදෙස් හා සහයෝගය ලබාගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදු කර ඇත.
popular news
-
Gihan Thursday, 28 July 2022 04:15 PM
ඉතුරු ටිකත් කන්න බැරිය යාලුවෝ නෑදෑයෝ ටික දාගෙන
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

