බැතිමතුන් විසින් රුවන්වැලි සෑය චෛත්‍යය රාජයාණන් වහන්සේට පූජා කළ සිවුරු අටපිරිකර ඇතුළු ලක්ෂ දෙකකට වැඩි පිරිකර සොරකම්කළ පුද්ගලයකු ඊයේ ( 20 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 'කලූ' නැමැති අන්වර්ත නාමයෙන් හඳුන්වන හතේ ඇල, යාය 4, රාජාංගනය ප්‍රදේශයේ පදිංචි වයස 26ක පුද්ගලයෙකි.
පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව, පස්වරු 6 ට පමණ මෙම සැකකරු රුවන්වැලිසෑය අසලදීම අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සැකකරු විසින් රුපියල් ලක්ෂ දෙකකට වැඩි බැතිමතුන් විසින් පූජා කරන ලද සිවුරු ඇතුළු පිරිකර, හිස් පොහොර උර වලට බහා සොරකම් කර විකිණීමට සූදානම් කර තිබූ බවද පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.