සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මිලකට සිමෙන්ති, යකඩ ඇතුළු අමුද්‍රව්‍ය ලබා ගැනීම වෙනුවෙන් හා ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් ප්රගමනය වෙනුවෙන් රජයට ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ඉදිකිරීම් කර්මාන්තය ආශ්රිත සංගම්, යකඩ හා සිමෙන්ති ආනයනකරුවන් හා නිෂ්පාදකයන් සමග වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේදී පසුගිය (30) වනදා හා ඊයේ (01දා) පැවැති සාකච්ඡා කිහිපයකදී අමාත්‍යවරයා මේ අදහස් පළ කරන ලදී.
මේ විට වෙළෙඳපොලේ ඉදිකිරීම් කර්මාන්තය ආශ්රිත අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ මිලක පැවතීම හේතුවෙන් එදිනෙදා ජන ජීවිතයේ නියුතු සාමාන්‍ය ජනතාවට සිය මූලික අවශ්‍යතායක් වන ජීවත් වීමට අවශ්‍ය අවම පහුසකමින් යුතු නිවසක් හෝ සාදා ගැනීම දුෂ්කර වී තිබේ. පසුගිය කාලයේ ආනයන සීමා කිරීමත්, ඩොලරයේ මිල ඉහළ යාමට සාපේක්ෂව මෙම අමුද්‍රව්‍යයන්හි මිල ගණන් වැඩි වුවද, ඩොලරයේ අගය පහළ යාම හේතුවෙන් වූ වාසිය පාරිභෝගිකයාට හිමි නොවන බව පෙනී යයි.
ඒ අනුව මුදල් අමාත්‍යාංශය මෙන්ම වෙළෙඳ අමාත්‍යධුරයක් එම වාසිය පාරිභෝගිකයාට ලබා දීමට අවශ්‍ය ඒ පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කරන ලදී.
